පැටවුන්ට කිරි පොවන කුරුළු අම්මලා
ක්ෂීරපායි සත්තු තම පැටවුන් කිරිවලින් පෝෂණය කරති. නමුත් ඔබ කෙදිනක හෝ පක්ෂීන්,තම පැටවුන් කිරිවලින් පෝෂණය කරන බව අසා තිබේද? බොහෝවිට ඔබට ඒ පිලිබඳව අත්දැකීමක් නොමැතිවා විය හැක.
මෙසේ තම පැටවු කිරිවලින් පෝෂණය කරන්නේ Columbiformes ගෝත්‍රයේ Columbidae කුලයට අයත් පක්ෂීන්ය. පොදු වයවහාරයේදී ඔවුන් පරවියන්, කොබෙයියන්, මහගොයි, බටගොයි, මයිලගොයි ලෙස නම් කීපයකින් හඳුන්වයි. මොවුන් ඉංග්‍රීසියෙන් pigeons and doves ලෙස හඳුන්වයි.
Columbidae පක්ෂීන් පැටවුන්ට කිරි පොවන ආකාරය පළමුව මතුවන ගැටළුවයි. පක්ෂීන්ට ක්ෂීරපායින්ට මෙන් ක්ෂීර ග්‍රන්ථි හා පියවුරු පිහිටා නැත. ඔවුන් තම පැටවුන් පෝෂණය කිරීමට පැටවුන්ගේ කටවල්වලට කිරි වමාරයි. අනෙකුත් පක්ෂීන් මෙන් කෘමි සතුන්ගෙන් පැටවුන් පෝෂණය නොකරන මේ කුරුල්ලෝ පැටවුන් මෙම කිරෙන් පමණක් පෝෂණය කරති. මෙසේ කුරුළු අම්මා හා තාත්තා එක්වී පැටවු පෝෂණය කිරීමේ නිරත වෙති. මීලගට පැන නගින ප්‍රශ්නය මෙම කිරෙහි සංයුතිය කුමක්ද යන්නයි. මෙහි සරල අර්ථය මෙම කිරිවලට ඉංග්‍රීසියෙන් කියනු ලබන නමෙන් වඩාත් පැහැදිලි වේ. මෙම කිරි ඉංග්‍රීසියෙන් Crop milk ලෙස හඳුන්වනු ලබන අතර පරවි අම්මලා තමුන් ලබා ගන්නා ධාන්යමය ආහාරය අර්ධ ලෙස ජීර්ණය වූ දියරයක් ලෙස නැවත පැටවුන්ගේ පරිභෝජනයට වමාරයි. එනිසා මෙය පෝෂණ ගුණයෙන් සාරවත් කිරකි.මෙම කිරි පෝෂණයෙන් හා සංයුතියෙන් හාවන්ගේ කිරිවලට සමාන වේ.
නීල මහගොයා |
Columbiformes ගෝත්‍රයේ කුල තුනකට අයත් පක්ෂීහු වාසය කරති. එනම් Columbidae, Rhapidae, Pteroclididae. මෙම කුල අතරින් Rhapidae කුලයට අයත් පක්ෂීන් අද ලොවින් සමුගෙන අවසානය.
Rhapidae කුලයේ වාසය කළේ Dodo හා Solitaire යන පක්ෂි විශේෂ දෙකයි.
Dodo |
Solitaire |
Solitaireගේ නිජබිම Rodrigues දූපත වූ අතර එම විශේෂය එම දූපතටම සීමා වූ ආවේණික විශේෂයක් විය. ආහාර පිණිස දඩයම් කිරීම හා එම දූපතට හඳුන්වා දූන් පූසන් හා ඌරන් විසින් මෙම කුරුල්ලන්ගේ බිත්තර විනාශ කිරීම නිසා පියෑඹීමට නොහැකි මෙම Solitaire නම් පක්ෂි විශේෂය 1760 පමණ වනවිට Rodrigues දූපතට පමණක් නොව මුළු ලොවටම අහිමි විය.
No comments:
Post a Comment