වන්නත්තප්පුච්චිහල්
දෙමලෙන් වන්නත්තප්පුච්චිහල් කියන්නෙ සමනල්ලුන්ට. සමනල්ලු කියන්නෙ බොහොම විචිත්ර සත්ත්ව කොට්ටාසයක්. ඒගොල්ලො අයිති වෙන්නෙ Animalia රාජධානියේ Arthropoda වංශයේ Insecta වර්ගයේ Lepidoptera ගෝත්රයට. සමනල්ලු සුපිරි කුල (Super families) 3කට බෙදෙනවා.ඒ අතරිනුත් ලංකාවේ ඉන්න සමනල්ලු අයිති වෙන්නෙ Papilionidea සුපිරි කුලයට.ලංකාවේ ඉන්න සමනල්ලු කුල 6කට බෙදල තියෙනවා. මේ වගක් දන්නෙ නැති සමනල්ලු ඒගොල්ලන්ගෙ ලස්සන පෙන්න පෙන්න මල් පැනි බොනවා. අපි සමනල්ලු ගැන දන්නෙ මේ කවිය විතරයි.
රන්වන් පාටයි සමනලයා
රෝස මලේ පැනි බීල ගියා
ආයෙත් ඒවිද ඒ සමනලයා
මල්වල පැනි බොන්ටා
සමනල්ලු පැනි බොනව, විතරක් නෙවෙයි. මේ පරිසර පද්ධතියෙ පැවැත්මට හුගක් දේවල් කරනවා.ඒ ගැන වෙන ලිපියකින් කතා කරමු. මගේ සමනල චාරිකාවේ නකල්ස්වලදියි අවිස්සාවේල්ලෙදියි ගත්තු ලස්සන සමනල්ලුන්ගෙ පොටෝ ටිකක් රස විදිමු.
No comments:
Post a Comment