2013 මාර්තු 3 වන ඉරිදා තරුණ සත්ත්වවේදීගේ සංගමයේ Birds groupහි ක්ෂේත්‍ර චාරිකාව ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම, නවදන්කුලම හා හලාවත වැලිපරය යන ප්‍රදේශවල යෙදී තිබුණි. උදෑසන 6.30ට පමණ ගමන් අරඹා ජාඇළ, මීගමුව, වෙන්නප්පුව, හලාවත පසුකර ආනවිලුන්දාවට එනවිට උදෑසන 10.00 පමණ විය. එතැන් සිට අපි ආනවිලුන්දාවේ කුරුල්ලන් නැරඹීමු.
හොඳින් ඉර පායා තිබූ එදින අහස ඉතා පැහැදිලි විය. සුළඟ තරමක් සැර විය. මුලින්ම මාගේ නෙත ගැටුණු කුරුල්ලන් අතර කන කොකා, පුංචි දියකාවා, ඉන්දු දියකාවා, අළු කොබෙයියා, කුසඇලි සයුරුකුස්සා, අහිකාවා, කහකුරුල්ලා, මහ දියකාවා, කරවැල් කොකා, ගව කොකා, උකුස්සා, little egret, black headed ibis යන කුරුල්ලෝ වූහ.
බමුණු පියාකුස්සෝ යුවලක් ඈත අහසේ රවුමට පියාසර කළහ. දම් කිතල්ලු කෑ ගසමින් මානෙල් කොළ මතින් දිව ගියහ. සුවැදි සැවුල් පෙඳ දියසෑනෝ තටු ගසමින් පහතින් පියාසර කරමින් ද මානෙල් කොළ මතින් දිව යමින්ද නාද කළහ. නොසුවැදි whiskered tern කිහිප දෙනෙක් ජල තලයට ආසන්නයෙන් පියඹමින්ද වරෙක දියෙහි හිස ඔබමින්ද ඉගිලුනහ. නිල්පෙඳ බිඟුහරයෝ ජෝඩුවක් ජල තලය සිසාරා යමින් කෘමීන් ඩැහැගෙන නැවත අතුවල වැසූහ.
|
නිල් පෙඳ බිඟුහරයා අත්තක වසා සිටින අයුරු |
තෙත්බිම තැනින් තැන මානෙල් හා ජපන් ජබර විසිරී ඇත. මානෙල් මල් හා ජපන් ජබර මල් තෙත්බිමට අලංකාරයක් එක්කළත් ජපන් ජබර තෙත්බිමට තර්ජනයකි. ආනවිලුන්දාව තෙත්බිම ඔස්සේ අපි කිලෝමීට්ර් 2ක් පමණ සෙමින් ඉදිරියට ඇදුණෙමු. අටු වැහිලිහිනි, රෑන ගිරව්, රත් යටිමල් කිරලා, Great egret, Intermediate egret, Purple rumped sunbird, Common moorhen, Grey heron, Openbill වැනි කුරුල්ලෝද දැකගත හැකිවිය.ජල තලයේ පිහිනමින් සිටි Lesser whistling duck එකෙක්ද මම දුටුවෙමි. තිත්හොට පැස්තුඩුවෙක් පියාඹාගෙන විත් ජලතලය මත වැසුවේය. ළය කායුරු වී කුරුල්ලෝ 20ක පමණ රෑනක් එක පොදියට පියඹාවිත් තෙත්බිමට විරුද්ධ පැත්තේ ඇති වෙල් යායේ වැසූහ. ලතුවැකියෝ අහසේ රවුම් ගසා අවුත් වැව කෙළවරේ ඇති විශාල ගස් මත ලැගුම් ගත්තහ. මේ අයුරින් දියකාවන්, කොකුන්, ලතුවැකියන් හා black headed ibis ලාගෙන් පිරි ගස් රැසක් තෙත්බිමේදී දැකගත හැකිවිය. Stork billed kingfisher ඈත සිට නාද කරනු දෙවරක්ම අපට ඇසුනි. නැවත ආපසු එනවිට Gull billed tern එකෙකුත් Little ternලා තුන් දෙනෙක් පමණත් අප නෙත ගැටුණි. නොසුවැදි පුංචි ගෙඹිතුරුවෙක් වරින් වර දිය මතුපිටට විත් නැවත ක්ෂණයකින් දියේ ගිලුණේය. එමෙන්ම Large cuckooshrike යුවලක්ද පාර අයිනේ ඇති ගස්වල වසා සිටියදී අපගේ නෙත ගැටුණි. කොහෝ නාදයද කොට්ටෝරු නාදයද අප සවනත වැකෙද්දී අවසානයේ Ceylon green pigeon ජෝඩුවක් හා දුම්බොන්නෙක්ද දක්නට හැකිවිය. එන මඟ අයිනේ තෙත්බිමේ එක පසක Lesser whistling duck රංචුවක් ලැග සිටියහ.
|
Pioneer |
ආනවිලුන්දාව ජලචර පක්ෂීන් නිරීක්ෂණයට මෙන්ම සමනල්ලු හා බත්කූරන් නිරීක්ෂණයේදීද වැඩි විවිධත්වයක් ඇති ස්ථානයකි. Crimson rose, Common indian crow, Salmon arab, Pioneeer, Common gull, Jezebel, Plain tiger, Common mormon වැනි දර්ශනීය සමනල විශේෂ රැසකුත් ලානිල්, කොළ, රතු, කහ වැනි වර්ණ දරන දිලිසෙන නෙත්කළු වර්ණ රටා ඇති Damselfliesලා මෙන්ම Dragonfliesලා ද අප නෙත ගැටුණි.
ඉන්පසු දිවා ආහාරය ගත් අපි නවදන්කුලම්හි wadersලා බැලීමට ගියෙමු. එහිදී කලපුව තුළ ඉස්සෝ කොටු රැසක් දැකගත හැකිවිය. කලපුව තුළ Black winged stilt, Black tailed godwit , Redshank මෙන්ම ternලා විශේෂ කිහිපයක්ද දැකගත හැකිවිය. අලංකාර දර්ශනයක් මවා පාමින් ගෝමර පිලිහුඩුවෙක් වරෙක කලපුව මධ්‍යයට ගොස් වේගයෙන් තටු ගසමින් අහසේ එකතැන රැදී සිට ගොදුරක් ඇස ගැසුණු සැනින් ඊයක් මෙන් ජල තලය කරා යමින්ද තවත් වරක ජල තලයට ඉතා ආසන්නයෙන් පියාඹාද ගියේය.
|
පුංචි ගෙඹිතුරුවෙක් පිහිනන අයුරු |
|
ආහාර සොයන පැස්තුඩුවෙක් |
|
දම් කිතලෙක් |
|
පියාඹන whiskered tern |
|
ඉස්සන් කොටුවක් |
|
නවදන්කුලම් |
අපේ ඊළඟ නැරඹුම් ස්ථානය වූයේ ආපසු එන ගමනේදී හමුවූ හලාවත වැලි පරයයි. එහිදී අපට Whimbrel පක්ෂියෙකු වෙරළේ ඇවිදින අයුරු දැකගත හැකිවිය. එම පරිසරය මුහුදු වැල්ලෙන් වැසීගිය වියළි කර්කශ පරිසරයක් විය. සවස පහට පමණ නැවත ආපසු ගමන ආරම්භ කළ අපි ගමන අවසානයේ නුගේගොඩට පැමිණෙන විට රාත්‍රි අට පමණ විය.
No comments:
Post a Comment